
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය තබන දිනයක් කියන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී කීය.
"ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තබන්න සූදානම් බවත් පනතේ ගැටලුවක් නිසා එය නොතබන බවත් ඇතැමුන් කියනවා. එසේ නම් අප ඒ ගැටලුව නිරාකරණය කර ගනිමු යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටින මොහොතේ ඒ ඉල්ලීම කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

