විනීතා එම් ගමගේ
මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කර පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පළාත් සභා හයක නිලධාරින් දේශපාලන මඟපෙන්වීමක් නොමැතිකමින් මේ වනවිටඅතරමංව සිටින්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
නිසි අවස්ථාවේ මැතිවරණ පවත්වා ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තිස්සමහාරාම සඳගිරි වෙල්යායේ පැවැත්වෙන ජාතික වප්මගුල් උළෙලට සහභාගී වෙමිනි.