
(අංජුල මහික වීරරත්න)
ලබන වසර අවසාන වනතුරු වත්මන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකි ක්‍රමවෙිදයක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුකාරවරයා සමඟ එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.
පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි.
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වලක්වා ගැනීම සඳහා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සකසන බවද ජනාධිපතිවරයා කීය.
පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මසක් ඇතුලත ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

