පළාත් සභා අහෝසි කරන්න අපි අත්දෙකම උස්සනවා - නිශාන්ත වර්ණසිංහ


( විනීතා එම් ගමගේ )

පළාත් සභාවල කථානායක ධුරයක් සඳහා යෝජනාවක් ගෙන එන්නේ සභාපතිවරුන් කථානායකවරු කර මහ ඇමතිවරු අගමැතිවරුන් සේ කටයුතු කරන්නට යැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි.

පළාත් සභාව තුළ පාර්ලිමේන්තුවක් සේ කටයුතු කරන්නටත් වරප‍්‍රසාද හා බලතල වැඩි කරගන්නටත් මිස එහි මැති ඇමතිවරු මේ යෝජනාවෙන් සිදුවන හානිය ගැන නොසිතන්නේ යැයි ද වර්ණසිංහ මහතා කීවේය. 

“බස්නාහිර පළාත් සභාවේ මේ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ ජාතික හෙළ උරුමයේ මමත් නිරෝෂා මන්ත‍්‍රීතුමියත් විතරයි. තෙබුවන හාමුදුරුවෝ ඡන්දය දීමෙන් වැලකී සිටියා. පළාත් සභා කියන ආයතනය රටට අවශ්‍ය නැහැ. පළාත් සභා අහෝසි කිරීමට යෝජනාවක් ගෙන එනවානම් අපි අත් දෙකම උස්සනවා “යැයිද නිශාන්ත වර්ණසිංහ මහතා පැවසීය.