පළාත් විභාගෙ අවුල් ජාලයක්


උතුරු මැද පළාතේ සහ ආනමඩුව කොට්ඨාසයේ අද(17) පැවති වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක ගැටළු මතුවීම නිසා සිසුහු අපහසුතාවට පත් වූහ.

උතුරුමැද පළාතේ පාසල් වාහ විභාගයන්හි අද පැවැති ගණිතය හා චිත්‍ර පශ්නපත්‍ර දෙකක ගැටළු මතුවී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රණාන්දු මහතා කියයි.

පසුගිය අප්‍රේල්  මාසයේ 12 ශ්‍රේණියට දුන් චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න මාරු කර එම සිසුන්ටම අද ලබා දී ඇති බවත්, ගිය වර දුන් ප්‍රශ්න පත්‍රයේ ඇති වැරදි ප්‍රශ්න ද ඒ ආකරයෙන්ම මෙවර ලබා දී ඇති බවත් ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම අද ලබා දුන් ගණිතය ප්‍රශ්න පත්‍රයක පිටපත් මදිවීම නිසා පාසල් රැසක සිදුන් අපහසුතාවට පත් වූ බවත්, උදෑසන 10,11 වන විට නැවත ‘ඩුප්ලෝකර‘ දුන්නද ඒවායේ අකුරු ඉතා කුඩාවට මුද්‍රණය වීම නිසා කියවීමේ අපහසුතා ඇති වූ බවත් ඒ මහතා සඳහන් කරයි.

පළාත් අධ්‍යාපන ලේකම් ආර් කේ ප්‍රේමසිරි මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවයි.

ප්‍රශ්න 40ක 11 ශ්‍රේණිය බුද්ධාගම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 20ක් පමණක් මුද්‍රණය කැර තිබීම නිසා පුත්තලම ආනමඩුව කොට්ඨාසයේ පාසල්වල සිසුහු අද (17) අපහසුතාවට පත් වූහ.

එවැනි ගැටළුවක් වී ඇති බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී බණ්ඩාරනායක මහතා තහවුරු කළ අතර නැවත එම විභාගය මේ මස 31 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.