ඉදිරි පැය කිහිපය තුළ මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු නැගෙනහිර, වයඹ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි සමඟ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 ත් අතර වන බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
(28535)