
(ඩී.ඒ.පතිරණ,ඩී.ජි.සුගතපාල,චාපා මධුභාෂිණි, හිරාන් ප්‍රියංකර )
දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස තද වැසි ඇති වූ බව ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පැවැසීය.
මාතර, මහනුවර, ගම්පහ, කොළඹ, ගාල්ල, බදුල්ල, පොලොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල තැනින් තැනට පෙරවරු කාලයේ සහ සවස් කාලයේ තරමක තද වැසි ඇති වී ඇත.
මාතර බෙංගමුව, පස්ගොඩ, දම්පහල ඇතුළු අවට ප්‍රදේශ වලට පැය දෙකකට ආසන්න කාලයක් පැවැති වැස්සෙත් කුඹුරු ඇතුළු පහත් බිම් ජලයෙන් යට විය.
බදුල්ලටද යළිත් වර්ෂාව අද පස්වරුවේ සිට ඇදහැලීමට පටන්ගත්තේය.
කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කල්පනාකාරිව ආරක්ෂිතව සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි .

