පළාත් මන්ත්‍රීට ඇඹිලිපිටි ගුරු විරෝධය


නවගත්තේගම සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්සූ බව කියන වයඹ  පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට විරෝධය පළ කරමින් ඇඹිලිපිටියේ ගුරුවරු  150ක ආසන්න පිරිසක් කලාප කාර්යාලය ඉදිරිපිට අද පැය බාගයක විරෝධයක් පැවැත්විණි. ‘පළාත් සභා ගොනා පාසලට පනී‘මේ ගොනා ගස් බඳින්න, වැනි වැකි ඔවුන් අත විය.