කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවනට පහර දුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි කමල් ඉන්දික පළාත් සභා මන්ත්‍රීට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් ඇප නියෝග අස්සන් කළ බවට අධිකරණ ආරංචි කියයි.
කමල් ඉන්දික මන්ත්‍රීවරයා පසුගියදා අලුත් පරපුරේ කලා ශිල්පීන් සංවිධානය කළ රැස්වීමකට පහරදී සමනලී ෆොන්සේකා, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු කලා ශිල්පීන්ට පරදුන්නැයි චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ සිටියේය.

