පළාත් මන්ත්‍රීගේ ඩොලර් සෙල්ලම හෙළිවෙයි


සිංගප්පුරු විදේශිය සංචාරයේ යෙදුණු මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රි කණ්ඩායමේ එක් මන්ත්‍රිවරයෙක් ඩොලර් නෝට්ටු රුපියල් කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක් සිංගප්පුරුව බලා රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රිවරයා ව්‍යාපාරික කටයුතු වල යෙදෙන හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු සමග එකතුව මෙම මුදල් කටුනායක ගවන් තොටුපළේදී සංචාරයේ යෙදුණු මන්ත්‍රි කණ්ඩායම අතර බෙදා දි ඇති බවත් මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් තනි පුද්ගලයෙකුට ගෙන යා නොහැකි බැවින් එසේ කර ඇති බවත් කියති.

එසේ ගෙන ගිය මුදල් සිංගප්පුරුවේ සිටින ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයකුට ලබා දි ඇති බව ද වාර්තා වේ.

මෙම සංචාරය සදහා මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරුන් 29 දෙනෙක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටත් ව ඇති අතර ඔවුන් ගමන් ගත් වෑන් රථය යටිනුවර හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා පැමිණෙන තෙක් පේරාදෙණිය පොල්ගහමුල ප්‍රදේශයේ විනාඩි 30 ක් පමණ නතර කරගෙන සිට ඇති අතර බවත් සමහර ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් මේ ගැන විමසා ඇත. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරු විරෝධය පළ කර ඇති බවද කියති.

මේ සම්බන්ධව කළ විමසිමකදි මධ්‍යම පළාත් සභා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙක් පැවැසුයේ මෙම සිද්ධිය සම්පුර්ණයෙන්ම සත්‍යයක් බවයි.

මේ ගැන මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවැසුයේ මේ සම්බන්ධයෙන් කිසිදෙයක් තමා නොදන්නා බවයි.