පළාත් මන්ත්‍රී කුහවර්ධන්ට ඇප


(නිමන්ති රණසිංහ)

 

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සන් කුහවර්ධන් මහතා සහ ඔහුගේ බිරිඳ රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍ර‍්‍රම මහත්මිය අද (27) නියෝග කළාය.

නිවාස සංකීර්ණ මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව රුපියල් මිලියන 72ක චෙක්පත් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව ඊයේ (26) අත්අඩංගුවට ගැණිනි.

සැකකරුවන් විසින් මෙම සිද්ධියට පාදක වූ මුදලින් රුපියල් මිලියන 57ක ප‍්‍රමාණයක් ලබාදීමට එකගතාවය පලකිරීම හේතුවෙන් මෙලෙස ඇප නියම කළ අධිකරණය ඇප කරුවන්ගේ මෙන්ම සැකකරුවන් දෙදනාගේ ද විදෙස් ගමන් තහනම් කිරීමේ නියොගයක් ද නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස ඇප මත මුදා හැරුණේ ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යපාරිකයකු මෙන්ම බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රවරයකු වූ සන් කුහවර්ධන් මහතා සහ ඔහුගේ බිරිද වූ කමලේෂණී කුහවර්ධන් නැමැත්තියයි.