පළාත් මන්ත්‍රී උප ඇමතිට ගහයි


කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමේදී කම්කරු කොන්ග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.රමේෂ් සහ නියෝජ්‍ය ඇමති හා සංවර්ධන කමිටු සභාපති වී.රාධක්‍රිෂ්ණන් අතර ගැටුමක් ඇතිවිය. රමේෂ් තමාට පහරදුන් බව රාධක්‍රිෂ්ණන් මහතා කියයි. රමේෂ් මහතා කියනුයේ තමන්ට පහරදීමට ආ පිරිසගේ ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා කළ බවයි. තම ප්‍රදේශයේ සංවර්ධනයට වෙන් කළ මුදල් තමාට අහිමි කර ඇතැයි රමේෂ් මහතා කියයි.