පළාත් පාලන මැතිවරණය ගැන මනෝ ගනේෂන්ට තවත් ගැටළු තිබෙන හැඩයි


ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පවතින මනාප ක්‍රමයට අනුව පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර පැහැදිලි තීරණයක් ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද  අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

නව මැතිවරණ ක්‍රමයෙන් සුළු ජන නියෝජනයන් බරපතල ලෙස නැතිවෙන බවත් එය යෝග්‍ය නොවන බවට හේතු කාරණා සහිතව අගමැතිවරයා වෙත පෙන්වා දුන් බවත්  ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.

සීමා නිර්ණ වාර්තාව තුළින් සියළු ජාතීන්ට පිළිගත හැකි ආකාරයේ මැතිවරණ ක්‍රමයක් යෝජනා වී නොමැති බව ද ඒ මහතා පවසයි.