නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන සඳහා පළාත් පාලන මැතිවරණයක් වහාම පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීමට පළාත් පාලන අමාත්‍ය ෆයිස්ර් මුස්තාෆා මහතාට ලබන 18 වැනිදා තෙක් කල් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) නියෝග කළේය.
එම මැතිවරණය දිගින් දිගටම කල් තැබීමට පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා කටයුතු කරන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ඒ සඳහා පිළිතුරු දීමට ඇමතිවරයාටද අවස්ථාව දිය යුතු බවට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස කල් ලබා දෙන ලදී.
ගාල්ල සහ මාතර පළාත් පාලන ආයතන වල මැතිවරණ පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් ෙපත්සම ප්‍රියසාත් ඩෙප් , අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ ති්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවීය.