(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පළාත් පාලන ආයතන වල අනුමැතිය නොගෙන ආරම්භ කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලා සති දෙකක් ඇතුලතදී වාර්තාවක් දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
පළාත් පාලන ආයතන මගින් අනුමැතිය නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම නිසා විවිධ ගැටළු මතුව ඇති බවද අමාත්‍යවරයා කීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතන මගින් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ආදාල පළාත් පාලන ආයතනවල අනුමැතිය ගැනීම අනිවාර්ය බවද අමාත්‍යවරයා පැවසීය.
සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවිට පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගත යුතු බවද පළාත් පාලන ආයතනවල අනුමැතිය නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම වැරදි වැඩක් යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අනුමැතිය නොගෙන ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුන විට වගකීම බාර ගැනීමට කිසිවකුත් නැතැයි කී අමාත්‍යවරයා එවිට විවිධ ආයතන වලට වරද පැටවීමට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

