(සුජිත් හේවාජුලිගේ)
විවිධ නීතිමය ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තව කාලයක් යනු ඇතැයි වාර්තාවේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවද තවම සූදානම් නැති බව එම කොමිෂන් සභාවේ ප්‍රධානීහු ඊයේ(14) පැවසුහ.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර අලුත් නීති කිහිපයක් පාර්ලිමේන්තුවෙන් කඩිනමින්ම සම්මත කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බවයි.
එම නීති සම්මත වනතුරු මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.
" පැරණි ක්‍රමයට( සමානුපාතිකව) ඡන්දය තියෙනවා කියලා පනත සංශෝධනය වෙන්න ඕන. එහෙම නැත්නම් සීමා නිර්ණය අවශ්‍ය පරිදි කෙරෙන්න ඕන" යැයිද හෙතෙම පැවසීය.
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊට පෙර එම පක්ෂයේ එම් ඒ සුමන්තිරන් මහතා මේ පිළිබඳ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එවකට රනිල් වික්‍රමසිංහ රජය එය ඉදිරියට ගෙන යෑමට උත්සාහ නොදැරීම නිසා නීතියක් බවට පත් නොවීය.
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙරට පළාත් සභා නවයක් ක්‍රියාත්මක වන අතර එම නවයම වසර දහයකට වැඩි කාලයක් තිස්සේ පවතින්නේ ආණ්ඩුකාර පාලනය යටතේය.
මෙ අතර පළාත් සභාවහා පිහිටුවිය යුතු බව බොහෝ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ රජයෙන් ඉල්ලීමක් කරති