පළාත් කීපයකට හෙට වැස්ස


උතුරු , උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාතේ ස්ථාන රැසක හෙට (20)  වැසි  සහිත කාලගුණයක් පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා කියයි. දිවයින හරහා පැයට කිලෝ මීටර් 50ක පමණ තද සුළං ඇති වන බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තද මිහිදුම් තත්ත්වයක් පවතී. අඩුම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 8  නුවරඑළියෙන් වාර්තාවන අතර වැඩිම උෂ්ණත්වය  සෙල්සියස් අංශක 34  රත්නපුරයෙන් වාර්තා වෙයි.