පළාත් කීපයකට මද වැසි


නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

‘අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.

‘පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විවින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.

සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර්. 30-  40 අතර ගනී'

'කන්කසන්තුරේ සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර්. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැකියි'.