
බස්නාහිර,වයඹ පළාත්වලත් යාපනය,කිලිනොච්චිය,මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව,උතුරු මැද වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක වැසි ඇද හැලේ. සෙසු බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 50ක ඉක්මවූ තරමක වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ දකුණු වෙරළ ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝ මීටර් 40 -50 ඉක්මවූ තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැස්ස සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද තාවකාලික තද සුළං ද ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවලට සවස 1.00 පසු වැසි ඇති වේ.

