පළාත් කීපයකට අදත් සවස වැසි


නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම සහ වයඹ පලාත්වල සවස් කාලයේදී වැසි හෝ රාත්‍රී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. 

රත්නපුර,කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.