
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වීම නිසා උතුරු, උතුරු - මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, වයඹ සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් තත්වයක් පවතී.

