පළාත් අමාත්‍යවරු දුක කියන්න ජනපති හමුවෙති


2016 අය වැය යෝජනා මගින් පළාත් සභාවල වැය ශිර්ෂය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත් කිරිම පිළිබඳ විරෝධය දක්වන බවත් ඊට විසඳුමක් දෙන ලෙස ඉල්ලමින් පළාත් අමාත්‍යවරු සඳුදා (07) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සංදේශයක් භාර දීමට නියමිත බවත්  මධ්‍යම පළාත් ප්‍රධාන  අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවැසීය.

මෙය පළාත් සභාවන් හි ශක්තිය ශුන්‍ය කිරිමට සැකසු යෝජනාවක් බවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවන් සඳහා දී ඇති බලය මධ්‍යම රජය උදුරාගෙන ඇති බවද මෙම ඉදිරිපත් කළ අයවැය යෝජනාව සංශෝධනය විය යුතු බවත් මේ ගැටලුව නිසා පළාත් සභාවන් හී අයවැය සැකසීම ගැටලුවක් වි ඇති බවත් ඒකනායක මහතා කීවේය.