මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වෙනුවට නව මන්ත‍්‍රීවරුන් පත්කිරීම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දිව්රුම්දීමෙන් පසුව සිදුකෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙවර මහ මැතිවරණයේ දී බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු පළාත් සභා මන්ත‍්‍රීවරුන් 52 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්විය.
බස්නාහිර 13, සබරගමුව 7, වයඹ 6, ඌව 6, දකුණ 5 , නැගෙනහිර 5, උතුරුමැද 2, බැගින් මන්ත්‍රීවරු තේරි පත්වුහ.
ඔවුන් ලබන සැප්තැම්බර් 1 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේ දී දිවුරුම්දීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා විසින් පළාත් සභා මැතිවරණයේ මනාප ලැයිස්තුවල ඊළඟට වැඩිම මනාප ලබා ඇති අය පුරප්පාඩු වන ධුර සඳහා පත්කරනු ඇත.

