(ජයන්ත සමරකෝන්)
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදෙස් මත බන්ධනාගාර මූලස්ථානය විසින් පළමු පෙළ ජේලර්වරුන් 56දෙනෙක් ස්ථාන මාරු කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මූලස්ථානයේ සී2/ විවිධ(1) 2018. 09. 20 දරණ ලිපිය මගින් මෙම ස්ථානමාරු නියෝගය නිකුත් කර ඇති අතර පළමු පෙළ ජේලර්වරුන් පිරිසක් එකවර ස්ථාන මාරුකර ඇති ප්‍රථම අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

