
(අංජුල මහික වීරරත්න)
පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී අද (9)සිදු විය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පළමු පොපි මල ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය.
ලෝක සංග්‍රාමවලදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රි ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිත පූජාකළ රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරයි.
එයින් ලැබෙන ආදායම යුද්ධයෙන් මියගිය විරුවන්ගේ පවුල්වල සහ ආබාධිත විරුවන්ගේ සුබසාධනය සඳහා වැය කෙරේ.

