අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ (2013) අවසන් මහ තරගය මුවර්ස් පිල සහ එස්. එස්. සී. පිල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී හෙට (5 වැනිදා) ආරම්භ වේ. සිවුදින තරගයක් වන මෙම තරගය මේ මස 8 වැනිදා අවසන් වීමට නියමිතය.
මුවර්ස් පිල ප‍්‍රසාද ලකුණු 123.49 ක් හිමිකර ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ ද, එස්. එස්. සී. පිල ප‍්‍රසාද ලකුණු 144.37 ක් හිමිකර ගනිමින් ‘බී’ කාණ්ඩයේ ද, පළමු ස්ථාන හිමිකර ගනිමින් අවසන් මහ තරගයට පැමිණියේය.
එස්. එස්. සී. පිලේ නායකයා ලෙස ටෙස්ට් ක‍්‍රීඩක තිළිණ කණ්ඩම්බි ද, මුවර්ස් පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා එක්දින පිල නියෝජනය කළ දිල්හාර ලොකුහෙට්ටිගේ ද කටයුතු කරති.
මෙම තරගයට සුදුසුකම් ලබා සිටින එස්. එස්. සී. පිලට අයත් කී‍්‍රඩාංගණයේදීම අවසන් මහ තරගය පැවැත්වීම සම්බන්ධයෙන් මුවර්ස් පිලෙන් විරෝධතා එල්ල වුවද කි‍්‍රකට් තරගාවලි කමිටු ප‍්‍රකාශකයෙන් පවසා සිටියේ තරගාවලිය ආරම්භයේදීම සියලූම කී‍්‍රඩා සමාජ ඊට එක`ග වූ බවයි.