පළමු දිනයේදීම කෝටි 13ක්


2016-11-02-ent-02

තිරගත වු පළමු දිනයේදීම ඉන්දීයාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් උපයා ගන්නට කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය සමත්ව ඇත. එය මේ වසරේ ඉන්දීය බොලිවුඩ් චිත්‍රපටයක් තිරගත වූ පළමු දිනයේදීම උපයාගත් ආදායම් අතරේ පස්වැනි තැන දිනා ගැනීමට සමත්ව ඇත.

කෙසේ වෙතත්, අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ චිත්‍රපටය තිරගත වූ දිනයේදීම මෙවැනි මුදලක් මෙම චිත්‍රපටය විසින් උපයා ගැනීම කැපී පෙනෙන්නකි. ලැබෙන තොරතුරුවලට අනුව අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ චිත්‍රපටය පළමු දිනයේදී උපයාගත් මුදල පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තා නොවන අතර, සමහරක් ඉන්දීය වෙබ් අඩවි සඳහන් කර තිබුණේ ‘ශිවායි’ චිත්‍රපටය ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය විසින් උපයාගත් ආදායමට වඩා අඩු ආදායමක් උපයාගෙන ඇති බවයි.

 

2016-11-02-ent-01