පළමු දින දෙකේදී නව වාර්තා 5 ක්


ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (17) තරග නිමාවට පත්වන විට නව වාර්තා පහක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

මෙම තරගාවලිය පෙරේදා (16 වැනිදා) කොළඹ සුගතදාස පිටියේදී ආරම්භ වූ අතර අද සහ හෙට තරග (18-19) පැවැත්වෙන්නේ දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදීය.

ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය ගත් තීරණයකට අනුව මෙවර ජාතික කනිෂ්ඨ තරගාවලිය කී‍්‍රඩාංගණ දෙකකදී පැවැත්වේ. ඊයේ දිනයේදී එකම නව වාර්තාව පිහිටවනු ලැබුවේ කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ කවපෙත්ත විසිකිරීමේ කී‍්‍රඩිකා (වයස 20 න් පහළ) අමන්ති සිල්වා (මීටර 41.90) විසිනි.  

ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ ඊයේ දිනය (17) නිමාවන විට නව වාර්තා
 
රිටි පැනීම - (වයස 23න් පහළ - කාන්තා)
ආර්. කාවේරි (නාවික හමුදාව - මීටර 3.10)

කවපෙත්ත විසිකිරීම - (වයස 20න් පහළ - කාන්තා)
අමන්ති සිල්වා (කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය - මීටර 41.90)

මිටිය විසිකිරීම - (වයස 20න් පහළ - පිරිමි)
ඞී. එම්. රණවීර (මීටර 31.23)

මීටර 10,000 (වයස 18න් පහළ - පිරිමි)
කේ. එන්. ඞී. ප‍්‍රභාෂ් කුලසූරිය (කුලියාපිටිය මැදි විදුහල - විනාඩි 52 තත්ත්පර 23.06)

රිටි පැනීම (වයස 20න් පහළ - පිරිමි)
එච්. අයි. සඳරුවන් (වලල ඒ. රත්නායක මැදි විදුහල - මීටර 4.50)