ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර මේ මස 20 වැනිදා සිට පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයට ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් සිවු දෙනකුට කී‍්‍රඩා කළ නොහැකි වන බව වාර්තා වේ. නායක ඇන්ජලෝ මැතිව්ස් තරග දෙකක තහනමකට ලක්ව සිටින අතර ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වන නුවන් කුලසේකර, තිලකරත්න ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්න විවිධ ආකාරයේ ශාරීරික ආබාධයන්ට ලක්ව, සුවය ලබමින් සිටිති.
මේ පිළිබඳව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කළ විමසීමකදී මැතිව්ස් පවසා සිටියේ එම කී‍්‍රඩකයන් පළමු තරගයට කී‍්‍රඩා කරවීමේ හදිසියක් නැති බවත් ඔවුන් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසුව කණ්ඩායමට එක්වනු ඇති බවත්ය. දකුණු අපි‍්‍රකානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරය ආරම්භ කරමින් අද (16 වැනිදා) පැවැති පුවත් පත් සකච්ඡවේදී මැතිව්ස් මේ බව පැවසීය.
නිමාවූ කොදෙව් සංචාරයේදී පැවැති තරගයකදී ඇගිල්ලේ පන්දුව වැදීම නිසා නුවන් කුලසේකර තුවාල ලබා සිටින අතර තිලකරත්න ඩිල්ෂාන් පාදයේ ආබාධයකට ලක්ව සිටී.
ඒ. බී. ඩිවිලියර්ස්ගේ නායකත්වයෙන් යුත් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමද ප‍්‍රබල කී‍්‍රඩකයන් තිදෙනකු ගෙදර තබා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටී. ආරම්භක පිතිකරු ගේ‍්‍රඒම් ස්මිත්, තුන් ඉරියව් කී‍්‍රඩක ජැක් කලිස් සහ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා වන ඬේල් ස්ටෙයින්ද දකුණු අපි‍්‍රකානු පිලට ඇතුළත් නොවෙති.
දකුණු අපි‍්‍රකානු නායක ඩිවිලියර්ස් පවසන්නේ මෙම තරගාවලිය තමන්ගේ තරුණ කී‍්‍රඩකයන්ගේ හැකියාවන් උරගා බලමින් 2015 ලෝක කුසලන තරගාවලිය සඳහා අවශ්‍ය කී‍්‍රඩක සංයුතිය සොයා ගැනීමට යොදාගත හැකි හොඳ අවස්ථාවක් බවයි.
ද්වි පාර්ශ්වික තරගාවලියක් සඳහා දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් අවසන් වරට ශී‍්‍ර ලංකාවට පැමිණියේ 2006 වසරේදී වුවත් එම තරගාවලියේ එක්දින තරග තුනෙන් එකක්වත් පැවැත්විය නොහැකි විය.
2006 සංචාරයේ පළමු එක්දින තරගයේ පළමු දිනය වර්ෂාවට සේදී ගිය අතර අතිරේක දිනයේ තරගය පැවැත්වීමට සූදානමින් සිටි නමුත් කොළඹදී සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා තරගාවලිය අතරමග නවතා දමා දකුණු අපි‍්‍රකානුවෝ සියරට බලා ගියහ.
”ශී‍්‍ර ලංකාවත් දකුණු අපි‍්‍රකාවත් අතර ශී‍්‍ර ලංකාවේ පැවැති එක්දින තරග වලදී දකුණු අපි‍්‍රකානුවන් සතුවන්නේ ඒ තරම් හොඳ වාර්තාවක් නොවෙයි. ඒ නිසා මේ වතාවේදී අප උත්සාහ කරන්නේ එම වාර්තාව වෙනස් කිරීමටයි” යයිද සංචාරක පිලේ නායකයා අද පැවසීය.
ශී‍්‍ර ලංකාව සහ දකුණ අපි‍්‍රකාව අතර ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරග 11 කදී තරගයක් පමණක් ජයගෙන ඇති දකුණු අපි‍්‍රකාව තරග 9 ක් ම පරාජය වී තිබේ.