මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කළ අසිරිමත් ඵල වැලින් සේරුවිල මංගල මහ සෑරදුන් පිදීමේ පිංකම ඉරිදා සිදුකෙරිණි.
බුදු හිමියන්ගේ විශාලතම ධාතූන් වහන්සේවන ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවාවිල මංගල සෑයට ලක්ෂ ගණනක් පළතුරු පූජා කිරීම මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
සේරුවිල සෑය පහන් අසූහාරදහසකින් පිදීමේ පිංකමද එහිදී සිදුවූ අතර ඒ සඳහා මහමෙව්නා අසපුවාසී හිමිවරුන් ඇතුළු විශාල බැතිමත්හු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ෆේස්බුක් වෙබ් අඩවියෙනි














