පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගනේ ලකුණු 199ක් ලබා ශ්‍රී ලංකාවේ පළමුවැනියා වීමට ඇඹිලිපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඩබ්.ඒ.වේනුජ නිම්සත් සමත්ව සිටියි. ලකුණු 198 ක් ලබා පෙළොන්නරුව රාජකීය විද්‍යාලයේ මාලක නෙත්මාල් තිලකරත්න සිසුවා දෙවැනි ස්ථානය ලබා ඇත. තුන්වැනි තැන දිනූවෝ දෙදෙනෙක් සිටිති. බෙම්මුල්ල පිටියේගෙදර ප්‍රාථමික විදුහලේ ගලපිටගෙදර සහනි යශෝදරා ගුණසේකර හා මාවනැල්ල සහිරා මධ්‍ය මහා විද්‍යාලයේ මොහොම්මදු නිස්වාරි ෆාතිමා සාමා ලකුණු 197 බැගින් ලබා තුන්වැනි තැනට පත්ව සිටිති. පසුගිය අගෝස්තු මස 17 දා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයට සිසුහු 327,648ක් පෙනී සිටියහ.

