පහේ ශිෂ්‍යාධාරය රුපියල් 250කින් වැඩි කරයි


(රංජන් කස්තුරි)
 
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමතුන් සඳහා ලබාදෙන මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 500 සිට රුපියල් 750 දක්වා වැඩි කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමතුන් 15000කට එම ශිෂ්‍යාධාරය හිමිවේ.
 
එම ශිෂ්‍ය ප්‍රමාණය ඉදිරියේදී වැඩි කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.