පහරදුන් පිරිසේ දේශපාලන පුතෙක් ඉඳලා.


කොළඹ කොම්පඥ්ඥවීදියේ රාත්‍රී සමාජ ශාලාවේ බහින් බස් වීමකදී ආරක්ෂක රැකවලාට පහර දුන් බව කියන පිරිස අතර ප්‍රභල දේශපාලකයෙකුගේ පුතෙකු සිටි බව පහර කෑ ආරක්ෂක රැකවලාද සමාජශාලා හිමිකරුද මරදාන පොලිසියට කටඋත්තර දෙකක් ලබා දුන්හ.

රැකවලාගේ කටඋත්තරය ජාතික රෝහල විසින් ලබාගත් බවත් සමාජ ශාලා හිමිකරු පොලිසියට කටඋත්තර ලබාදුන් බවත් දැනගන්නට ඇත.

දේශපාලකයාගේ පුතා සහ පිරිස සමාජ ශාලාවට ඇතුලු වීමට පැමිනි අවස්ථාවේ එහි සෙනග පිරී ඇතැයි රැකවලා පවසා ඇති අතර ඉන් දෙපැයකට පසු ගැටුම ඇති වී ඇතැයිද වාර්ථා වේ.