යාපනය කෝපායි නීර්වෙලි හිදී සිය මවගෙන් පහර කෑමට ලක්වූ දැරිය කෝපායි පොලීසිය විසින් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැරියගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට යාපනය වැඩබලන මහෙස්ත්‍රාත් කේ.අරියනායගම් මහතා කෝපායි පොලීසියට නියෝග කළේය.
පහර කෑමට ලක් වූ දැරියත් පහර දුන් ඇගේ මව සහ පියා අද යාපනය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් වරයා කියා සිටියේ දැරිය පහර කෑමකට ලක් වී ඇති බැවින් ඇගේ ශරීරයේ ඇති වී තිබෙන වෙනස්කම්, කැළැල් මෙන්ම මානසිකත්වය සලකා බලා තීන්දුවක් ලබා දීමට පෙර දැරිය අධිකරණ වෛද්‍යවරයාට යොමු කොට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. දැරියගේ මවගෙන් හා පියාගෙන් වැඩිදුර ප්‍රශ්න කරන ලෙස ද කෝපායි පොලීසියට නියෝග කැරිණි.
මේ වන විට දැරිය කෝපායි පොලිස් රැකවරණ යටතේ පසුවෙයි.
මෙම දැරියට පහර දෙනුයේ කුඩම්මා බවට පළවූ වාර්තාව වැරදි බව කෝපායි පොලිසිය කියයි. දැරියගේ මව ඇයට පහර දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ද තහවුරු කරයි.