පහන් තිරේ තව පොඩ්ඩෙන් මහ විනාශයක් කරයි


මොරටුව රජයේ මහල් නිවාසයේ පළවැනි තට්ටුවේ නිවසක මවක බුදු පහන තබා දොරවසා පන්සල් ගොස් එද්දී කාමරයක් ගිනිගෙන මුළු ගෙයම දුමින් වැසී ඇතැයි පොලිසිය කියයි.

දොර කඩා එහි ඇතුළු වූ පොලිසියට ද එහි කාමර සොයාගත නොහැකි තරමට දුම පිරී තිබිණි. පොලිසිය පවසනුයේ ගින්න හා දුම සෙසු මහල්වලටද පැතිරුනේ නම් මහා ඛේදවාචකයක් සිදුවනු ඇති බවයි.

පොලිසියද ගිනි නිවන හමුදාව ද පැමිණ ගින්න නිවා දැමීය.