පහන අවුරුදු කයි


ගාල්ලේ  පේදුරුවල ලෑලි ගෙයක නිවැසියන් අළුත් අවුරුදු නැකතට චාරිත්‍ර ඉටුකැර දැල්වූ පහන එසේම තබා උණවටුනේ ඥාතීන් බැලීමට ගිය අවස්ථාවේදී ගිනි ඇවිලී මුළු ගෙයම දැවී ගියේය. අසල ගෙවල් දෙකකට හානි සිදුවිය. ගාල්ල ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීය.