පහක් බේරේ නොමැරී බේරේ


බේරේ වැවේ ගාලු මුවදොර බේසම අසලට අද (14) අලුයම 2.30 ට පමණ වැටුණු මෝටර් රථයක සිටි තරුණයින් පස් දෙනකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව හා කොටුව පොලිසිය සමත් විය.

මෝටර් රථය අඩි 10 පමණ ගැඹුරු දියේ ගිළෙමින් සිටියදී මෙම පිරිස මහත් පරිශ්‍රමයක් යොදා බේරාගත් බවද පොලිසිය කියයි.

රියදුරු තිරිංග ක්‍රියාත්මක කර ඇති අතර තිරිංග ක්‍රියාත්මක කිරීමේදී රියදුරුට රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව මෝටර් රථය පාරෙන් විරුද්ධ දිසාවට පෙරළී ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් බේරේ වැවට වැටී ඇති බවද පැවසේ.

20141214_053029 IMG_0759