පහ ශිෂ්‍යත්වය දිගටම


(සුජිත් හේවාජුලිගේ)

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවන්නේ නැති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය  මධුර සෙනෙවිරත්න මහතා පැවැසීය.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ අනාගතය ඇගයීමට සහ එය 2029 න් ඔබ්බට පැවතිය යුතුද යන්න තීරණය කිරීම සඳහා 2028 දී කමිටුවක් පත්කරන බව ඔහු  සඳහන් කළේය.

විභාගය හා සම්බන්ධ අනවශ්‍ය පීඩනය අඩුකිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව   සැලැස්මක් සකස් කරමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

ඊට අමතරව, පාසල් අතර විෂමතා ක්‍රමානුකූලව අඩුකිරීමට සහ ශිෂ්‍යත්ව විභාගයේ තරඟකාරී ස්වභාවය නිසා සිසුන් මත ඇති වන බර ලිහිල් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය