පස්සෙන් රන් ඇද්ද වෙළෙන්දා රේගුවට කොටුවෙයි


රුපියල් ලක්ෂ 20 වටිනා රන් කැබලි 4 ක් ගුද මාර්ගයේ සඟවාගෙන  චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු  ගිංතොට පදිංචි 30 හැවිරිදි  රෙදි පිළි ව්‍යාපාරිකයෙකි.

අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි වල බර ග්‍රෑම් 400 කි.

ඔහු නිතර නිතර ඉන්දියාව හා ශ්‍රී ලාංකාව අතර ගමන් බිමන් යන පුද්ගලයෙකු බව රේගුව කියයි.