පස්සර වෙළෙඳසළකදී රස කැවිලි ලෙස විකුණමින් සිටි මත්කුඩු වර්ගය ගැන රජයේ රස පරීක්ෂක වාර්තාවක් වහා කැඳවන්නැයි පස්සර සංචාරක මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය පස්සර පොලිසියට නියෝග කළාය.
නිෂ්පාදිත සමාගමක්, දිනයක්, ඛාණ්ඩ අංකයක් නොමැතිව ටොපියක ස්වභාවයෙන් අලෙවි කළ මෙම මත්කුඩු පාසල් සිසුන් මිලට ගෙන ඇති බවත්, ඔවුන් එයින් මත්වී සිටින බවට විදුහල්පති පැමිණිලි කළ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.