මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලය සහ මතුගම ශාන්ත මරියා විදුහල අතර මතුගම මහජන කී‍්‍රඩාංගණයේදී පැවති 50 වැනි ‘පස්දුන් කෝරළයේ සටන’ ආනන්ද ශාස්ත‍්‍රාලයට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පරාජයෙන් තොරව අවසන් විය.
කාසියේ වාසිය දිනාගත් ශාන්ත මරියා විදුහලේ කණ්ඩායම් නායක සමීර ද අල්විස් ආනන්ද ශාස්ත‍්‍රාලයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ඒ අනුව ආනන්ද ශාස්ත‍්‍රාලය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 145 ක් ලබාගත්තේය.
ශාන්ත මරියා විදුහලට පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරවූ ආනන්ද ශාස්ත‍්‍රාල කණ්ඩායමේ තාරක මධුවන්ත ලකුණු 37 කට කඩුලූ 6 ක් දවාගැනීමට සමත්විය.
ආනන්ද ශාස්ත‍්‍රාලය සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලකුණු 156 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශාන්ත මරියා විදුහලට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට ආරධනා කළේය. ඒ අනුව තරගය අවසන් වන විට පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත මරියා විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 39 ක් ලබා සිටියේය.
ආනන්ද ශාස්ත‍්‍රාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 145 (ලහිරු සංකල්ප 31, තිසර ප‍්‍රියලාලිත 22/4, උදාර මධුසංක 12/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ක් දැවී 156 (ලහිරු සංකල්ප 38, නදීෂ් මල්ෂාන් නොදැවී 36, උදාර මදුෂංක 44/3, කසුන් සමීර 58/2, කුෂාන් චතුරංග 38/2)
ශාන්ත මරියා විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 132 (කසුන් සමීර 32, තිසර ප‍්‍රියලාලිත 17, තාරක මදුවන්ත 37/6, උමේශ් කණිෂ්ක 35/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 39 (හර්ෂ තුසිත 21/2)