පස් වසරට සිසුහු 2728 ක් මග මරුට


කදාන ඩී මැසනද් පාසල් රථ ගාලේදී  වෑන් රථයකට යට වී  මිය ගිය පාසල් සිසුවාගේ මරණයක් සමඟ 2009 සිට මේ දක්වා  රිය අනතුරුවලින්  පාසල් සිසුන්  2728 දෙනකු මිය ගොස්  ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා  කියයි.

තවත් සිසුන් 8524 දෙනකු බරපතල තුවාල ලබා ඇති බව  ඔහු පවසයි.

මොවුන් අතරින් බොහෝ පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව සිටින බවත් තවත් පිරිසක්  අවයව ඉවත් කිරීමට ලක්ව සිටින බවත් ඔහු සඳහන් කරයි.