පස් දෙනෙක් පොර පිටියේ


රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ පදවියට ප්‍රබලයන් තිදෙනකු දැන් තරඟ වැදී සිටින බව දේවාල ආරංචි කියයි. හිටපු බස්නායක නිලමේවරයකු වන යසසිරි කස්තුරිආරච්චි, ඉන්දික රුවන්රාජපක්ෂ හා උදය ඇම්පිටියගොඩ එම තිදෙනාය. මහින්ද ගලප්පත්ති සහ මහසෙන් බණ්ඩාර  යන මහත්වරුද තරඟයට ඉදිරිපත්වී සිටිති.

තවත් දින 10 කින් එනම් ලබන 28 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී ඡන්ද දායකයෝ 16 දෙනෙක් ඡන්දය ලබාදෙති.

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු 11 දෙනෙක්ද, බිබිල කොටබෝව කතරගම දේවාලය බස්නායක නිලමේ, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ, කිරිවෙහෙර රජමහා විහාරය, වැඩිහිටි කන්ද විහාරය, අභිනවාරාමය හා සෙල්ල කතරගම මහසෙන් රාජමහා විහාරය වශයෙන් ඡන්ද 17 ක් ඇති බවත් කතරගම බස්නායක නිලමේ තනතුර හිස් බැවින් 16 දෙනෙක් පමණක් මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කරති. කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු විය.