පස් ගනුදෙනුවෙන් ප්‍රා සභාපති පස් කයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් පිරවීම සඳහා වන කොන්ත්‍රාත්තුවකට පස් ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් දීමට රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත්තැයි සැකපිට වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් එම අල්ලස ගත් බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග කියයි.

පස් ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර ඔහු රුපියල් ලක්ෂ පහක් ගෙන තිබිණැයි එම ආරංචි පවසයි.

සභාපති අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමග මීගහතැන්න ප්‍රදේශයේ රතිඤ්ඤා පත්තුකළ බව ප්‍රදේශවාසීහු කියති.