කහතුඩුවේ පස් කන්දකට යට වු පුද්ගලයකු බේරා ගැනීමට සහන සේවකයන් මිනිත්තු 45 ක් තිස්සේ ගත් උත්සාහය අසාර්ථක විය. පස් ඉවත් කිරීමට බැකෝවක් ගෙනාවත් පස් කන්ද කඩා වැටීමට පටන් ගත් නිසා බැකෝ කුල්ල පස් කන්දට තද කර අතින් පස් ඉවත් කරමින් යට වූ පුද්ගලයා සොයා ගැනීමට ඔවූහු වෙහෙසෙති.
යට වූ පුද්ගලයාගේ උස කොටස දෙපැයකට පමණ පසු පාදා ගෙන ඔහු ඔසවන්නට තැත් කරද්දී තවත් පස් කන්දක් කඩා වැටුණු බවත් එම පස් කන්ද ඉවත් කර ඔහුගේ සිරුර ගොඩට ගත් බවත් සහන සේවකයෝ කියති.