මොරෙන්තුඩුව කලපුගම හොරේකැලේ පෞද්ගලික ඉඩමක පස් කැපීමට අද (8) පස්කපන යන්ත්‍ර, ටිපර් රථ සමග කොන්ත්‍රාත්කරුවන් පැමිණෙද්දී ගම්වාසීන් විරෝධය පළකිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මීට පෙරද පස් කැපීම හේතුවෙන් ගම්මානයේ ජල මූලාශ්‍ර සිඳී ගොස් ඇති බවද තවදුරටත් පස් කැපීමෙන් තමන්ට ජලය අහිමිවන බවද කියමින් ගම්වැසියෝ ඊට විරෝධය පළ කළහ.
පොලිසිය පැමිණ දෙපාර්ශවයටම සඳුදා (9) කළුතර දිස්ත්‍රික් ලේකම් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන බව පැවසීමෙන් පසු ඔවුහු විසිර ගියහ.





