
(යොහාන් භාසුර, තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)
වෙරළබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ පායාගල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස්කන්ඳක් අද (6) රාත්‍රී කඩාවැටීම හේතුවෙන් දුම්රිය දෙකක් පයාගල දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
විශාල පස් කන්ඳක් රාත්‍රී 9.25 ට පමණ දුම්රිය මාර්ගයට කඩාවැවී ඇති බව කී එම නිලධාරියා කොළඹ කොටුවෙන් අද රාත්‍රී 7.30 ට පිටත්වූ ගාල්ල තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවෙන් රාත්‍රී 7.50 ට අලුත්ගම බලා පිටත්වූ මන්දගාමී දුම්රිය මෙසේ පයාගල දුම්රිය ස්ථානයේ නතර කළ බව ද සඳහන් කළේය.
දුම්රිය මාර්ගයේ පස් ඉවත් කිරීම ඊයේ රාත්‍රීයේ ආරම්භ කළ බවත් හෙට (7) පෙරවරුව වන විට මාර්ගය යථා තත්වයට පත්කළ හැකිවනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.


