පස් කන්දක් හැටන් බගවන්තලාව මාර්ගය වසයි


හැටන්, බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජ තේ කර්මාන්ත ශාලාව අසල විශාල පස් කන්දක් කඩා වැටී ගමනා ගමන කටයුතු අඩාල වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

පස් සමඟ ගල් පර්වතද මාර්ගයට පෙරලී ඇති අතර වතු කම්කරුවන්ගේ සහයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය පස් ඉවත් කිරීමේ කටයුතු අරඹා ඇත.