පස් කන්දක් කඩා වැටුණු හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යලි යථා තත්ත්වයට


(හැටන් රංජිත් රාජපක්ෂ)                     

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය මාසයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු විශාල පස් කන්ද ඊයේ (14) පස්වරුවේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කර එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (15) අලුයම සිට යලි යථා තත්ත්වයට පත් කර ඇත.


ඉකුත් මස 17 දින  එම මාර්ගයට අවස්තා කිහිපයකදිම විශාල පස් කන්දක් කඩා වැටීම නිසා  මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පස් කන්ද කඩා වැටුණු ස්ථානය අසලින්ම තාවකාලික විකල්ප මාර්ගයක් සකස් කර එම විකල්ප  මාර්ගය ඔස්සේ එක් මං තීරුවක රථ වාහන ගමනා ගමනයද සිදු කෙරිණි.


එසේ ඉදිකල  විකල්ප මාර්ගය වසා දමා ප්‍රධාන මාර්ගය යළි රථ වාහන ධාවනයට විවෘත කර තිබේ.


එම පස් කන්ද කඩා වැටුණු ස්ථානයට ඉහලින් තේ වත්තේ ගිලා බැසිම් කිහිපයක් තිබෙන බවත්, එම ගිලා බැසීම හේතුවෙන් තේ වත්තේ විශාල ඉරි තැලිම් ගණනාවක් තිබෙන බව හැටන් පොලිසිය කියයි.