පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තුනක් මරුට


 

(රංජිත් රාජපක්ෂ)               

නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් නැන්දම්මා,ලේලිය සහ මාස තුනක බිලිදෙකු මියගොස් ඇතැයි  නාවලපිටිය පොලිසිය පැවසීය.

නාවලලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නිවසට පස් කඳු කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලීසියේ නිළධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරා ගැනීමට විශාල උත්සහයක් ගත්තද එය ව්‍යර්ථ විය.

මිය ගිය අයගේ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇත.

අයහපත් කාලගුණයෙන් මේ වනවිට නාවලපිටිය ප්‍ර දේශයේ 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ශිත කදවුරු කරා යොමු කල බව ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය පැවසීය.